Friday, July 22, 2011

ලිනක්ස් වලදී Windows Xp පාරිසරිකය ලබා ගැනීමට ඔබත් කැමතිද


බොහෝ දෙනෙක් ලිනක්ස් භාවිතා කිරීමට එකවිටම සුදානම් නොවීමට පළමු හේතුව වන්නේ එහි ඩෙස්ක්ටොප් පාරිසරික අපට හුරු පුරුදු වින්ඩෝස් සේ භාවිත පහසුව තරමක් අඩු හා නුපුරුදු වීමය. එබැවින් ලිනක්ස් වලට Windows Xp පාරිසරිකය ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී.


ඉහත දැක්වෙන ලින්ක් එක මගින් අදාල ගොනුව බාගත කර එය Right click කර "Extract Here" මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ‍‍ගොනුවේ ඇති InstallXpGnome.sh මත ඩබල් ක්ලික් කර ( උබුන්ටු Gnome ඩෙස්ක්ටොප් පාරිසරිකය තුලදී ) Run කරන්න.

දැන් ඔබට Windows Xp පාරිසරිකය ලිනක්ස් මතදී අත්විදීමට ලැබෙනු ඇත.



Sunday, June 19, 2011

බළන්ගොඩ සිදුවු අමුතු රිය අනතුරයක්..










බළන්ගොඩ ප්‍රධාන බස්නැවතුම් පල අසල දොරවෙල පාලම මත අද සිදුවු මෙම රිය අනතරින් කිසිවෙකුට හානි සිදුවී නැත. රියදුරුට නින්ද යාම නිසා මෙම රිය අනතුරු සිදුවු බව පැවසේ.

Monday, June 13, 2011

Google Body ශරීරයේ අභ්‍යන්තර ගැන අතැඹුලක් සේ දැක ගන්න..





ගූගල් වෙතින් දැන් අපගේ ශරීරය අභ්‍යන්තරයේ කොටස් ගැන ඉතා හොද අවබෝධයක් ලබා ගත හැකි ලෙස සකස් කල ඉන්ටර්නෙට් තුලින් ක්‍රියාත්මක කර බැලිය හැකි වෙබ් අඩවියක් Google Body නමින් ඉදිරිපත් කර ඇත. මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර මෙය google labs හි නිර්මාණයකි. ‍ මෙහි එක් ගැටඵවක් වන්නේ වින්ඩෝස් XP වල මෙම Google Body වැඩසටහන හොදින් ක්‍රියාත්මක නොවීම වුවත් වින්ඩෝස් 7 වල හොදින් මෙය ක්‍රියාත්මක වේ.

ඔබත් උත්සහක කර බලන්න. අලුත් අත්දෑකීමට සැරසෙන්න.



Friday, June 10, 2011

විදුලිබල මණ්ලයේ විදුලිමීටර් හිගයක්.. ‍නව විදුලි සම්බන්ධතා සියල්ල ඇණ හිටී..

ශ්‍රී ලංකා විදුලිබල මණ්ලයෙන් ලබා දෙන නව විදුලි සම්බන්ධතා සියල්ල දැන් නවතා ඇත. එයට හේතුව වී ඇත්තේ නව විදුලි මීටර් හිගයකි. මේ හිග කොතෙක්ද යත් බළන්ගොඩ විදුලිබල මණ්ඩල ප්‍රදේශීය ශාඛාවෙන් පමණක් අප්‍රේල් මස සිට නව සම්බන්ධතා ලබා දී නැත. විදුලිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියඵ මුදල් ගෙවා තිබියදීත් මෙසේ ජනතාව අපහසුතාවයට පත් කිරීම කණගාටුවට කරුණකි.

පාඨලී චම්පික රණවක වැනි කාර්යය ශූර ඇමැතිවරයෙක් විදුලිබල මණ්ලයට සිටියදී විදුලිබල මණ්ඩලය මෙ‍ලෙස අකර්මන්‍ය වුයේ ඇයි දැයි ප්‍රශ්ණයකි. මේ පිළිබද බළධාරීන්ගේ අවධානය ඉතා ඉක්මනින්ම යොමු වනු ඇතැයි නව විදුලි සම්බන්ධතා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින සියඵ දෙනා බලාපොරොත්තුවෙන් සිටි.

Wednesday, June 8, 2011

බෝධි ලිනක්ස් දැන් තවත් අලුත් වෙලා...






බෝ කොලයක් ලංජනය කරමින් බෝධි ලිනක්ස් දැන් 2.6.39 නවතම ලිනක්ස් කර්නලය යොදා ගනිමින් "බෝධි ලිනක්ස් 1.1.0" නමින් දැන් නිකුත් කර ඇත.

මෙය නිපදවා ඇත්තේ Jeff Hoogland විසිනි. මෙය උබුන්ටු මුලික කරගෙන නිර්මාණය කර ඇති අතර ඉතා මනරම් ඩිස්ටොප් පරිසරික ගණනාවකින් සමන්විත වී ඇත.

මෙම බොධි ලිනක්ස් භාවිතා කිරීම සදහා පහත සදහන් අවශ්‍යතා වලට උසස් හැකියාවන් ඔබේ පරිගණකටය තිබිය යුතුය
01.300mhz i386 Processor
02. 128megs of RAM
03. 1.5Gb HD space

තවද මෙය සමග Midori බෙව් බ්‍රවසරයද ඔබට නොමිලේ ලබා ගත හැකිය.

අලුත් අත්දැකීමටකට ඔබත් බෝධි ලිනක්ස් භාවිතා කර බලන්න.

මෙතැනින් බාගත කරගන්න. (381Mb)

වැඩි විස්තර මෙතැනින් ගන්න

Tuesday, March 30, 2010

බළන්ගොඩ අඵපොල ඇල්ල















රත්නපුර සිට වේවැල්වත්ත මාර්ගයේ මෙම ඇල්ල පිහිටා ඇත. බළන්ගොඩ සිට කි‍.මී. 20 ක් පමණ රාස්සගල, ඌවැල්ල හරහා වේවැල්වත්ත පා‍‍රේ ,අඵපොල වත්ත පාරේ නැවත හැරී ගොස් මෙම දිය ඇල්ල සමීපයටම වාහනයකින් පහසුවෙන් ලගා විය හැකිය. අඩි 271 ක් පමණ උස මෙම අති සුන්දර දැවැන්ත දිය ඇල්ලකි. ස්ථර 2 කින් යුත් ඇද හැලෙන මෙම දිය ඇල්ල ආරම්භ වන්නේ ශ්‍රී පාද කදු වැටියට අයත් මීටර් 1047 ක් උස ඹබරගල කන්දේ දකුණු බෑවුමේ පිහිටි කලුගල් දෝව නම් ස්ථානයේ දී කුඩා දිය පාරක් ලෙසිනි. තවත් කුඩා දිය පාරවල් එකතුවීමෙන් ජලයෙන් පොහොසත්ව මෙම දොළ පාහ‍රේ එක් පැත්තක් ව‍ළවේ ගග පෝෂණය කරම්න් ගලා බසී. තවද මෙම දිය ඇල්ල අතර මගදී හල්කැටිය ඇල්ල නමින් තවත් දිය ඇල්ලක්ද සැදි ඇති අයුරු දැකගත හැකිය. මෙම දිය ඇල්ල ආශ්‍රීත ප්‍රදේශයට අඵපොල යන නම ලැබී ඇති ආකාර දෙකක් ගැමි ව්‍යවහාරයේ ඇත. ඇල්ල අවට‍ පෙර දවස අලි රංචු එකතු වී ලැගුම්ගෙන සිටි අලි ‍පොලක් තිබු බව එක් මතයකි. ඇල්ලට ඉහලින් අඵගල්ගේ නැමැති ගල් තලාවක් තිබෙන අතර එහි විශාල වශයෙන් අඵ තැම්පත් වී ඇති නිසාද ගැමියෝ මෙය අඵපොල ඇල්ල ලෙස හදුන්වති. මෙම ඇල්ල අවට නිතරම තෙත බරිත ශීතල ස්වභාවයක් ඇති අතර, මෙම තවත් වැඩ් කරනුයේ ඇල්ලේ ඇති පිනි ගතිය නිසාය. දිවා කාලයේදී තරමක් ශීතලකින් යුත් මෙම ප්‍රදේශය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. දැඩි ඉඩොරයක් පැමිණියත් මෙම මනස්කාන්ත ඇල්ලේ ජලය නොසිදේ. ඇල්ල ඉහල කැලෑ ප්‍රදේශයේ ඌරන්, ඉත්තෑවන්, මුවන්,‍ගෝනුන් වැනි සිවුපාවුන්ද, ලංකාවට ආවේනික පක්ෂීන්ද උරගයින්ද ඇත. වර්ෂාව අධික කාලයේදී ඇල්ල පහල ප්‍රදේශය විශාල දිය කූඩැල්ලන්ගේ වාස භූමියක් බවට පත්වේ. ඇල්ලේ ජල කද රැවුලා දොල නම් වු තවත් දොලක් සමග එකතුවී ගමන් කිරීමේදී බෙල්ලන්ගම සිට නිරතුරුව ගම්වාසීන්ට ගොවිතැනට, තේවගාවට, ජලවිදුලිය නිපදවීමට සහය වී‍මෙන් සේවාවන් රැසක් ඉටුකර දෙන අන්දම දැක ගත හැකිය. තවද බළන්ගොඩ සිට මෙම ඇල්ල කරා ගමන් කර විට ඉතා දුර්ලභ දර්ශනයක් දැක ගත හැකිය. ඒ නම් තේ වත්තක් වටකර ඇති කුඹුරකි.

Sunday, January 31, 2010

USB flash drive එකක් වින්ඩෝස් Xp වලදී NTFS ආකාරයට Format කිරීම.

01. පියවර
My Computer මත Right click කර Manage යන්න තෝරා ගන්න.



02. පියවර
දැන් ලැබෙන Computer Managment හි Disk Manager ----> Disk Drives මගින් ඔබ දැන් පරිගණකයට සම්බන්ධ කර ඇති USB flash drive එකේ නම උඩ Right click කර Properties තෝරා ගන්න. දැන් එහි Policies ටැබ් එක තෝරා ගන්න. ඉන්පසු Optimize for Proformance තෝරා O.K කරන්න.





03. පියවර
දැන් My Computer මගින් USB flash drive එක මතට ගොස් Right click කර Format තෝරා ගන්න. දැන් ඔබට File System යට‍තේ NTFS තෝරා ගත හැකිය. දැන් Start ක්ලික් කර ඔබේ USB flash drive එක NTFS ආකාරයට Format කල හැකිය.




විශේෂයෙන් සැලකිය යුතුයි.

NTFS ආකාරයට Format කිරීමෙන් පසු සෑම විටම ඔබේ USB flash drive එක පරිගණකයෙන් ඉවත් කිරීමේදී Safely Remove Hardware ආකාරයටම ඉවත් කිරීමට දැඩ් ලෙස මතක තබා ගන්න. නැතහොත් බොහෝ විට ඔබේ USB flash drive එකෙහි ඇති සමහර තොරතුරු විනාශ වීමට ඉඩ ඇත.